Thursday, January 4, 2024

ඇමරිකාවේ නාසා ආයතනයේ චිත්‍ර තරගයකින් ලෝකයේ අංක එකට පැමිණි පුංචි පුතා

 


ලංකාවේ නාමය ජාත්‍යන්තර තලය දක්වා ඔසවා තැබූ විවිධ සුවිශේෂී පුද්ගලයන් පිළිබඳව අපි නොයෙකුත් අවස්ථාවන්වලදී ඔබව දැනුවත් කළා.ඉතින් අදත් මේ සූදානම ඒ ආකාරයේ සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කර දේ පුංචි පුතෙක් ගැන කියන්න.

මේ පුතා නමින්  දහම්ලෝෂිත ප්‍රේමරත්න.ඔහු පිළිබඳව විශේෂයෙන් කතා කරන්නේ පසුගිය දවසක ඇමරිකාවේ නාසා ආයතනය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයකින් වයස අවුරුදු හතරේ සිට හය දක්වා වයස් කාණ්ඩයේ සියලුම දෙනා නියෝජනය කරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමත් සමඟයි.

දහම් පුතා ඉගෙන ගන්නේ තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ දෙක වසරේ.ඔහු අධ්‍යාපනය ලබන්නත් දක්ෂයි වගේම චිත්‍ර අඳින්නත් දක්ෂයි.එනිසාම නාසා ආයතනය ලෝකය පුරා විහිදී සිටින අභ්‍යවකාශ ගවේෂණය හා සම්බන්ධ වීමට ආසාවෙන් එන්න පුංචි දුවා පුතා වෙනුවෙන් තමයි මේ චිත්‍ර තරඟය සංවිධානය කළේ.

අභ්‍යවකාශයේ ජීවත්වීම හා වැඩ කිරීම යන තරග පාඨය යටතේ දහම් ලෝෂිත පුංචි පුතා ඉදිරිපත් කරපු මේ සිතුව මැලව ප්‍රථම ස්ථානය බවට ඔහුට තවත් සුවිශේෂී අවස්ථාවක් උදා වුණා.ඒ තමයි නාසා ආයතනය මගින් සම්පාදිත 2024 දින දර්ශනයේ ජූලි මස පිටුව සඳහා මේ පුංචි පුතාගේ සිතුවම තෝරගෙන තියෙනවා.

චිත්‍ර ඇඳීම සඳහා මනා දක්ෂතාවයක් තියෙන දහම් නියෝජනය කරපු පළවෙනි ජාත්‍යන්තර තරඟයත් මේක.  තමන්ගේ පළමු තරඟයම ජයග්‍රහණය කරන්නට ඔහුට වාසනාව හිමි වුණා.හැබැයි මතක් කරන්නම ඕනෙ ලංකාව තුළ පැවැත්වූ පළාත් හා ජාතික මට්ටමේ තරග වලින්ද දහම් ජයග්‍රහණ වාර්තා කරලා තියෙනවා.

චිත්‍ර අඳින්න විතරක් නෙවෙයි. දහම් ගීත ගායනා කරන්නත් දක්ෂයිලු. ඒ තෙන් ඔහුගේ දෙමව්පියන් දෙදෙනා මේ දක්ෂතාවයන් හඳුනාගෙන ඔහුව මේ තරගාවලියට යොමු කරලා තියෙනවා.චිත්‍ර තරඟය සඳහා දෙමව්පියන් අයදුම් කරලා තියෙන්නේ අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමය මගින්.

ඉතින් මේ ලැබූ ජයග්‍රහණයත් සමගම කලාව තුළින් ඉහළටම යන්න මේ පුංචි පුතාට හැකියාව ලැබේවා කියා අපෙත් හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Friday, December 29, 2023

සහල් ඇටයෙන් විශ්මිත සිතුවම් මවන අපූරූ සිත්තරාගේ දස්කම්

 


තාක්ෂණය දියුණුවත් සමගම ලෝකයේ විවිධාකාරයේ අලුත් සොයා ගැනීම් කරලියට එනවා.විශේෂයෙන්ම ලංකාව වගේ රටක මේ වගේ නව නිෂ්පාදන සිදු කරන ඒවගේම නව තාක්ෂණයන් සොයා ගන්න පුද්ගලයන් රැසක් ඉන්නවා.හැබැයි අවාසනාවකට ඔවුන්ට අත හිත දෙන්න කවුරුත්ම නැහැ.

නමුත් තමන්ගේ කුසලතාව තුළින් අලුත්ම නිර්මාණ ශෛලයක් හඳුන්වා දීපු හරි අපූරු පුද්ගලයෙක් ගැන කියන්න තමයි අපි අද මේ සූදානම් වෙන්නේ.ඔහු නමින් මහනුවර පදිංචි ලොකු ලියනගේ දයානන්ද.ඔහුට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔහු මයික්‍රෝ ආටිස් කෙනෙක් එහෙමත් නැත්නම් ශුද්‍ර කලාවේදියෙක්.

ඔහුගේ මේ සිත්තම් කලාව අපූර්ව හා විශ්මිත සිත්තම් කලාවක් වෙන්නේ ඔහුට හැකියාව තියෙනවා සහල් ඇටයක් මත සිතුවමක් නිර්මාණය කරන්න.ඔහු අද වෙද්දි මයික්‍රෝ ආටිස් කෙනෙක් විදිහට පැන්සලේ තුඩේ විවිධ නිර්මාණ සිද්ධ කරනවා.එයට අමතරව සහල් ඇටවල රත්තරන් කැබලි වලත් මේ ආකාරයේ ඉතාමත් ආකර්ෂණය නිර්මාණ සිතුවම් කරනවා.

ඔහු මේ කලාව ඉගෙනගෙන තියෙන්නේ පුංචි කාලෙ ඉඳලම පියාගේ ආභාෂයෙන් පුංචි කාලෙ ඉඳලම ඔහුට චිත්‍ර අඳින්න පුළුවන්.මීට කලින් ඔහු ව්‍යාපාරයක නිරත වෙලා හිටියත් ඔහුට ඒ ව්‍යාපාරය සාර්ථකව කරගන්නට හැකියාව නොලැබුණ නිසා මේ කලාවෙන් වැඩක් ගන්න ඔහු තීරණය කරනවා.youtube video බලලා සරල උපකරණ කීපයක් ඇරගෙන තමයි දයානන්ද මේ වැඩේට ආරම්භය තියන්නේ.

අද වෙද්දි ඒ උත්සහය ඉතාමත් හොඳින් සාර්ථක වෙලා තියෙනවා. ඔහු ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් රැසකගේ සිතුවම් මේ විදියට සහල් ඇටයකට සිත්තම් කරලා තියෙනවා.ඒ වගේම මේ නිර්මාණයක් කිරීමට අවම වශයෙන් දින තුන හතරක් ගත වෙනව ඊට වඩා වැඩි කාලයක් වුණත් වැය වෙන නිසා නිර්මාණය අවසන් කරන තෙක්ම භාවනාවක් කරන ආකාරයෙන් තමයි මේ තුළ නිරත වෙන්න ඕනේ.

බැරිවෙලා හරි අත්වැරදීමක් වුනොත් සම්පූර්ණයෙන්ම මේ නිර්මාණය නැවත සකස් කරන්න ඕනේ.

ඉතින් අනාගතයේදී සහල් ඇටයෙන් සිත්තම් නිර්මාණය කොට ගිනස් වාර්තාවක් තියන්නත් ඔහු සූදානමින්.ඔහුගේ සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම සුබපැතුම් එක් කරන්නෙමු.




Thursday, December 21, 2023

ශ්‍රී ලංකාවේ ස්නායු විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායමක් ජාත්‍යන්තරය ජය ගනී.

 



නිරන්තරයෙන්ම අපි ලංකාවෙන්  බිහිවන නව නිෂ්පාදන පිළිබඳව ඒ වගේම අලුත් තාක්ෂණයන් ඊටත් අමතරව විවිධ ව්‍යාපාර සහ සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳව ඔබව දැනුවත් කරනවා. ඉතින් සුපුරුදු පරිදි අදත් මේ සූදානම් වෙන්නේ ලංකාව නියෝජනය කරමින් ලබාගත් සුවිශේෂී වූ ජයග්‍රහණයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි.

පසුගියදා tournament of minds නැමති අන්තර්ජාතික ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක වුණා.මේ අන්තර්ජාතික ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන නියෝජනය කිරීමට ලංකාවෙනුත් කණ්ඩායමක් පිටත් වුණා.

මේ කණ්ඩායම සමන්විත වුණේ ස්නායු විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්. ඒ වගේම ලංකාව වගේම තවත් කණ්ඩායම් එකසිය තිස් හයක් මේ තරගාවලිය නියෝජනය කළා.ඉතින් මේ රටවල් එකසිය තිස් හය අතරින් මේ වැඩසටහන නියෝජනය කිරීමට ශ්‍රී ලංකාව එක් වුණේ “ serendib synapse යන නාමයෙන්.

මේ සම්මේලනය ඔක්තෝම්බර් 15 වෙනිදා සෙට 19 වෙනිදා දක්වා පැවැත්වුණු අතර කැනඩාවේ මොන්ට්‍රියල් නගරය මූලික කරගනිමින් තමයි තරගාවලිය පැවැත්වුණේ.මේ තරගාවලිය අපට සුවිශේෂී තරගාවලියක් බවට පත්වෙන්නේ එයාකාරයෙන් නියෝජනය කරමින් ලංකාවෙන් ගිය කණ්ඩායමේ සියලුම විශේෂඥ  වෛද්‍යවරුන්ගේ උත්සාහය සහ කැපවීම මත අපිට පළමු ස්ථානය දිනා ගැනීමට හැකියාව ලැබුණා.

මීට කලින් මේ තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ තවත් කණ්ඩායමක් රිදී පදක්කම දිනාගෙන තිබෙනවා.පළමු ස්ථානය දිනාගනිමින් ලංකාවේ නම ජාත්‍යන්තරය තුළ බබළවන්නට වෙහෙස වූ මේ ස්නායු වෛද්‍ය කණ්ඩායමට අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

Tuesday, December 19, 2023

ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තර තලයට රැගෙන ගිය ලංකාවේ කිල්මිෂා යාෂීසායි


 

ලංකාව කියන්නේ පුංචි දූපතක් උනත් මේ රට තුළ ජීවත්වන බහුතරයක් දෙනා විවිධ දේවල් වලට දක්ෂතාවයන් දක්වන හරි අපූරු ජන කොට්ඨාසයක්.අපේ රට තුළ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ජාත්‍යන්තර තලය දක්වාම අපේ ලංකාවේ නාමය බබළවන්න උත්සාහ කරන දරුවන් ඒවගේම ඒවගේම පුද්ගල කොට්ඨාසත් ඒ අතර ඉන්නවා.

අපි නොයෙකුත් අවස්ථාවන්වලදී ඒ විදිහට ලංකාවේ ඉපදිලා ලංකාවේ නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය ලාංකික අපේම අය පිළිබඳව කතා කළා.ඉතින් අද අපි කියන්න යන්නේ ඒ විදිහට නැවත වතාවක්  ශ්‍රී ලංකාව කියන රටේ නම තව තවත් බබලවන්නට සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර දුන් දැරියක් පිළිබඳවයි.

ඇය නමින් කිල්මිෂා යාෂිසායි වන අතර ඉන්දියානු රූපවාහිනී නාලිකාවක් වන සී ටැමිල් නාලිකාවේ සරිගමප  little champions season 3 තරගාවලියට සහභාගී වුණා.ඉතින් මේ තරගාවලියේ අවසන් මහා  තරඟය පැවැත්වුණේ පසුගිය 14 වැනිදා රාත්‍රියේ

ඒ සඳහා ඉතාමත් පෙර සූදානමකින් සහභාගි වූ කිල්මිෂා දියණියට  අවසානයේ තරගකරුවන් සියලුම දෙනා අභිබවා පළමු ස්ථානය දිනා ගැනීමට හැකියාව ලැබුණා.ඉතිං අපි මුලින් සඳහන් කළා වගේම මේ ජයග්‍රහණයට අවශ්‍ය විශේෂී ජයග්‍රහණයක් බවට පත්වුණේ   ඉන්දීය රියලිටි තරගයක් ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා වශයෙන් ඇය ඉතිහාස ගතවූ නිසයි.

ඒ වගේම මේ තරගාවලිය සඳහා තවත් ශ්‍රී ලාංකික තරගකරුවන් දෙදෙනෙක් සම්බන්ධ වී සිටි අතර ඔවුන්ට අවසන් වටේ සඳහා තරඟ කිරීමට අවස්ථාව උදාවුණේ නැහැ.කිල්මිෂා යාපනයේ චුන්ඩිකුලි කාන්තා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ඇය මේ වන විට වයස අවුරුදු 14ක දැරියකි.

ඉතින් ලංකාවේ නම ජාත්‍යන්තර තලයට ඔසවා තැබූ ඇයට අපිත් හදවතින්ම සුභාශන එක්  කරන්නෙමු

Thursday, December 14, 2023

තම උත්සාහයෙන් ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත්කරගත් දිරියෙන් ජීවිතය දිනන්නට උත්සාහ දරන ජානකී

 



අපි හැමෝටම ජීවිතය තුළ ජීවත් වෙද්දී සිහින තියෙනවා.මේ සිහින එකින් එක හැබෑ කරගන්න තමයි කොයි කවුරුත් උත්සහ කරන්නේ.හැබැයි නිකම්ම බලාගෙන හිටියොත් නම් මේ හීන හැබෑ කරගන්න අපිට හැකියාව ලැබෙන්නේ නැහැ.අද අපි කියන්න යන්නේ තමන්ගෙ ජීවිතය තමන් දැකපු ලස්සන සුන්දර සිහින එකින් එක හැබෑ කරගත්ත තවත් දිරිය කාන්තාවක් පිළිබඳවයි.


ඇය ගාල්ලේ මිනුවාම් ගොඩ ප්‍රදේශයේ පදිංචි ජානකී නමැති කාන්තාවක්.ජානකය ගැන කතා කරන්නේ පුංචියට පටන් ගත්තු ඇඳුම් ව්‍යාපාරයක් තුළින් අද වන විට ඇය ජීවිතය ජයග්‍රහණය කළ නිසයි.ජානකී මුලින්ම මහන්න පටන් අරන් තියෙන්නේ ළමා ඇඳුම්.


මහත්තයාගේ වැටුපෙන් ජීවත් වෙන්නම ඕනි කියලා හිතන කාන්තාවන්ට ජානකී කියන්නේ වෙනස් කතාවක්.ඇය කියන්නේ මහත්තයාට කරදර කරන්න බැරි නිසා ඇය තමන්ගේ අතටත් කීයක් හරි එන්න ඕනි ව්‍යාපාරයක් පටන් ගත්තා කියලයි.


ළමයි ඇඳුම් මැහුවට පස්සේ ඇයට අවශ්‍ය වෙනවා සාරි හැට්ට මහන්න ඉගෙන ගන්න.ඊට පස්සේ ඇඳුම් මහන්න දන්නැති බොහෝ කරුණු ඉගෙන ගන්න අය වැඩමුළුවකට සහභාගී වුණා.ඉතාමත් හොඳින් ඉගෙන ගත් පස්සෙ ජානකීට අවස්ථාව උදාවුනා තමන්ගෙම කියලා ලස්සන ව්‍යාපාරයක් සුළුවට පටන් ගන්න.


ඉන් අනතුරුව ඇයට අවශ්‍ය  වෙනවා මනමාලියන්ගේ ඇඳුම් මහන්න.ඊට පස්සේ ඇය තමන්ගෙ ව්‍යාපාරය joanna bridal  යන නමින් පවත්වාගෙන යන්න තීරණය කරනවා.මේ වෙදි ඇය ළඟ ස්ථීර වශයෙන් සේවිකාවන් දෙදෙනෙක් වැඩ කරනවා.


ඉතින් ඉදිරියටත් ඇයගේ මේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු කර ගැනීමට ඇයට හැකියාව ලැබේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Tuesday, December 12, 2023

හුවාවී සමාගමේ සහයත් සමඟම ලංකාවේ පාසල් ඩිජිටල්කරණයට



 අලුත් තාක්ෂණයක් සමගම ලංකාවේ ඉදිරි ගමන පිළිබඳව  වර්තමාන ජනාධිපතිතුමා විවිධ ආකාරයේ ජාත්‍යන්තර සාකච්ඡා පවත්වනවා.එහි ප්‍රතිඵලයක් විදිහට චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුභ පණිවිඩයක් ලැබිලා තියෙනවා

ඒ තමයි හුවාවී සමාගම ශ්‍රී ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට දැක්වූ කැමැත්ත.  ජිටල් අධ්‍යාපන ක්‍රමවේදය සහ හරිත බලශක්ති නිෂ්පාදනය සම්බන්ධයෙන් ලොකු දියුණුවක් නැහැ.

ඒ නිසාම චීන රජය මෙන්ම හුවාවී සමාගම ඩිජිටල් අධ්‍යාපන ක්‍රමවේදය නගා සිටුවීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය පළ කරන බවට අදහස් දැක්වූවා.



ඊට අමතරව අනාගත ලෝකයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ ඉතා තරගකාරී ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බවත් ඒ සඳහා මූලික පදනම මෙවන විට සැකසෙමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා.

මීට අමතරව හුවා වී සමාගම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කීපයක් ඉලක්ක ගත කරගෙන අධ්‍යයන කාර්යයන්ට සම්බන්ධ ආධාර උපකාර සැපයීමේ ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා කියලත් සදහන්.

කෙසේ නමුත් තාක්ෂණයත් සමගම දියුණු වෙන ලෝකය තුළින් ඩිජිටල්කරණය ඌ අධ්‍යාපන රටාවක් හරහා තාක්ෂණයෙන්  පරිපූර්ණ වූ පරපුරක් බිහි වේවා කියා අපිත් එක සිතින් බලාපොරොත්තු දල්වාගෙන ඉන්නෙමු.

Thursday, December 7, 2023

හය ආකාරයකට පන්දු යවා ලකුණු බිංදුවට කඩුලු අටක් ගත්ත කොළඹ පුංචි පැංචා

 


ක්‍රිකට් ගැන කතා කරද්දි පසුගිය කාලසීමාවේ ලංකාවට නම් ත්‍රිකට් ඒ තරම් සුබදායී ක්‍රීඩාවක් වුණේ නැහැ.හැබැයි මිනිස්සු කවදාවත් ක්‍රිකට් අතාරින්නෙත් නෑ. කොයිතරම් තරඟ පැරදුනත් මිනිස්සු ආයෙ ආයෙ මේ ක්‍රීඩාවට ආස කරනවා.ඒ වගේම ලොකු කුඩා විශේෂයෙන්ම පිරිමි පාර්ශ්වය බහුතරයක් දෙනා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙලා ඉදිරියට යන්න උත්සහ කරනවා.


ඉතින් අන්න ඒ විදිහට තමන්ගෙ උත්සාහයෙන් තරග ජයග්‍රහණය කරන්නට උනන්දු වෙන පුංචි පැංචෙක් ගැන තමයි මේ කියන්න සූදානම. මේ පුංචි පුතාත් ලංකාවේ බිහිවුණු මැණිකක්.


ඔහු අධ්‍යාපනය ලබන්නේ බම්බලපිටිය හින්දු විදුහලේ.මේ පුංචි පුතාගේ නම රිෂ් යුධාන්.ඉතින් ඔහු ගැන කතා කරන්න පටන් ගත්තේ, පසුගියදා බත්තරමුල්ල ජයවර්ධනපුර එම් ඩී එච් ජයවර්ධන විදුහල්පිලට එරෙහිව පැවති තරගයකදී කඩුලු අටක් දවා ගැනීම නිසයි


ඒවගේම තමයි ඒ අවස්ථාවේදී ඔහු ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට අවස්ථාව දුන්නේ නැහැ.ඒ කියන්නේ ලකුණු බින්දුවේදී තමයි කඩුලු අටක්ම දවා ගැනීම සිදු කළේ.මේ වෙද්දි 10 හැවිරිදි වියේ පසුවෙන මේ පුංචි පුතා විදුහලේ දහතුනෙන් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සාමාජිකයෙක්.


අවසානයේ ඔහු විසින් සිදුකළ මේ ක්‍රියාව වසර 47 ක පාසල් ඉතිහාසය වෙනස් කළ වාර්තාවක් බවටත් සඳහන් වෙනවා.


කෙසේ නමුත් මේ ආදරණීය පුංචි පුතාට ක්‍රිකට් ක්‍රීඩාව තුළින්ම ඉදිරියට යන්න හැකියාව ලැබේවා කියා අපිත් ප්‍රාර්ථනායක කරන්නෙමු.