ලංකාවේ ජීවත් වෙන බහුතරයක් දෙනාගේ මූලික ජීවනෝපාය බවට පත්වුණේ ගොවිතැන.එළවලුවක් පලතුරක් වගා කරගෙන දුක්මහන්සියෙන් ජීවිතය ගතකරන ගොවියෝත් ඒ අතර ඉන්නවා. ඉතින් අද කියන්න යන්නේ අන්න ඒ විදිහට ජීවිතය ජයගත්ත තවත් දක්ෂ ගොවි මහත්තයෙක් ගැන.
ඔබ ජීවත් වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රදේශයේ. පසුගිය කාලසීමාවේදී කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අධි ඝනත්ව වගා ක්‍රමයක් යටතේ බීජ වගා කරන ආකාරය පිළිබඳව හඳුන්වා දීමක් සිදු කළා.ඒ හඳුන්වා දීමට අනුව ඔහු ඔහු මේ ක්‍රමය අත්හදා බලන්න උත්සුක වුණා.
ඉතින් ඔහුගේ උත්සාහය ප්‍රතිඵලයක් වශයෙන් අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ අක්කර බාගි1 මිරිස් වගා කර රුපියල් ලක්ෂ 70 ක් උපයා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා.
ඉතින් සාම්ප්‍රදායික ක්‍රමයක් යටතේ මේ මිනිස් කළ වගාව සිදු කළා නම් අක්කර භාගයක වගා කළ හැකි මිරිස් පැල ප්‍රමාණය හය දාහක් පමණ.නමුත් අධි ඝනත්ව ක්‍රමය යටතේ වගා කිරීමේදී මිරිස් පැල දහතුන් දාහක ප්‍රමාණයක් වගා කිරීමට හැකියාව ලැබිලා තියෙනවා.එමගින් මේ ගොවි මහත්මයාට තමන්ගේ අස්වැන්න කීප ගුණයකින් වැඩි කරගෙන අතමිට සරුවන ගානක් හොයාගන්න හැකියාව ලැබුණා.
මීට කලින් අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් වැඩිම ආදායමක් උපයා තිබුණේ යාපනය ගොවි මහත්තයෙක් වන අතර ඔහු රුපියල් ලක්ෂ 50ක මුදලක් උපයා තිබුණා.ඉන් අනතුරුව අනුරාධපුරේ ම තවත් ගොවි මහත්තයෙක් අක්කර භාගයක මිරිස් වගා කොට රුපියල් ලක්ෂ 60 ක් උපයා දැමූ වාර්තාව අද වන විට මේ සුවිශේෂී ගොවි මහත්මයාට බිඳ දමන්නත් හැකියාව ලැබිලා තියෙනවා.
කොහො නමුත් ඔහුට මෙ වගාවසාර්ථක කර ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නොමද උත්සාහය ලැබුණු බවත් මතක් කළ යුතුමයි.
ඉතින් බොහෝ දේවල් පිටරටින් ගෙන්වන සමයක අපේම දේවල් වගා කරගෙන ජීවිතේ දිනන්න අපිට හැකියාව තියෙනවා නම් එය කොයිතරම් වටීවි ද? මෙවැනි ගොවි මහතුන් තව තවත් මේ මිහිපිට පහළ වේවා කියන ප්‍රාර්ථනාවත් අපි එක් කරන්නට කැමතියි.
No comments:
Post a Comment